AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිළිය ඉන්දියාවේ දී පවුල පිටින් අත්අඩංගුවට

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාව තුළ නීති විරෝධීව රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිළියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුම්බායි නුවරට කිලෝමීටර් 50 ක් පමණ දුරින් පිහිටි උල්හාස්නගර් හිදී; රියා බාර්ඩේ නැමැති මෙම නිළිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිළිය ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ඉන්දියාව තුළ ජීවත්වන බවට පොලිසියට ලද ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

රියා බාර්ඩේ සමඟ ඇයගේ මව, පියා, සහෝදරිය සහ සහෝදරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අමරාවතී හි පදිංචි පුද්ගලයෙකු විසින් රියා සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට ඉන්දියාවේ රැඳී සිටීමට මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඔවුන්ට ඉන්දියාව තුළ රැඳී සිටීමට එම නිළියගේ මව ඉන්දීය ජාතිකයෙකු සමඟ විවාහ වී ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර දුරාචාර වැළක්වීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් රියා බර්ඩේ මීට පෙර මුම්බායි පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටි බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මුම්බායි පදනම් කරගත් අසභ්‍ය දර්ශන ජාවාරම් සමඟ මෙම නිළියගේ සබඳතා පිළිබඳව ද මේ වනවිට විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තා මාලිමාවට ඡන්දය දීපු නිසා පාසල් දරුවෙක්ට වුණු අසාධාරණය
Video thumbnail
අනුර ජනපති වුණු ගමන් කමල් රටින් පනී - විශේෂ හෙළිදරව්ව මෙන්න
15:48
Video thumbnail
බාර් එක එපා හිමිවරු පාරට බහිද්දී බාර් හිමිකරු සමඟ සෙට් එකක් පාරට
09:52
Video thumbnail
🛑Breaking News - පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් / ජනපති කිව්ව පරිදිම අකුරට වැඩ...#akd #npp
02:02
Video thumbnail
දකුණු පළාත් නව ආණ්ඩුකාර වැඩ බාරගනී - ජනපති අනුරගේ සැලැස්ම මෙන්න #npp #srilankagovernment
08:12
Video thumbnail
ඉවත් කරපු ආරක්ෂාව ගැන ප්‍රබල මන්ත්‍රී කට අරියි
05:04
Video thumbnail
🛑Breaking News - මහ බැංකු අධිපති හදීසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි #brekingnews #npp #akd
05:07
Video thumbnail
දකුණේ ආණ්ඩුකාරවරයා පිළිගන්න එකම එක බුලත් අතක් විතරයි
03:09
Video thumbnail
🛑Breaking News - ජනාධිපති ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මුල්වරට මාධ්‍යට #anurakumaradissanayaka
04:44
Video thumbnail
🛑Breaking News
02:26

?