බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ශරීෆ් ඔස්මාන් හාඩි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතාවලට සහභාගී වූ ඉන්ක්විලාබ් මන්චා වේදිකාවේ ප්‍රකාශකයෙකු වූ 32 හැවිරිදි හාඩි, ඩකා නුවරදී මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටියදී වෙස්මුහුණක් පැළඳගත් පුද්ගලයෙකු විසින් හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් බංගලාදේශයේ යළි ගැටුම් හටගෙන ඇට්ගි අතර ඩකා අගනුවර ගොඩනැගිලි කිහිපයකට ද විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.
මේ අතර මැතිවරණයේදී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීමට සහාය වන ලෙස අන්තර්වාර ප්‍රධානියා එරට හමුදාවෙන් ඉල්ලා සිටීම බංග්ලාදේශ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවටත්, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් එමඟින් අපේක්ෂා කළ නොහැකි බවටත් චෝදනා එල්ල වී ඇතැයි ද සඳහන්.















