දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරු 02.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට ඉලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එහි සඳහන්.

මධ්‍යම, සබරගමුව, වයඹ, ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
2019යේ පාස්කු ප්‍ර#රය වුණේ නැත්තම් සජිත් ජනාධිපතිවරණය දිනනවා..
06:32
Video thumbnail
සත්‍යග්‍රහයට මහ රෑම සුගීෂ්වර, අනුරාධා ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම එයි
01:22
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23