බංග්ලාදේශය පළමු ඉනිමට සියල්ල ම ලකුණු 247කදී දැවී යයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී සංචාරක බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 247ක් රැස් කළා.

අද (26) පෙරවරු 10ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී තරගයේ දෙවැනි දිනය ආරම්භ වූ අතර තරගයේ පළමු භාගයේ දී ම අවසන් කඩුලු ද්විත්වය බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඊයේ (25) දිනයේ දී තරගය නතර කරන විට බංග්ලාදේශය ලකුණු 220ක් ලබා සිටියේ කඩුලු 08ක් ම බිඳ වැටී සිටියදීයි.

අද දවසේ පළමු කඩුල්ල ලෙස එබඩොට් හොසේන් දැඩී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් පා ආවරණය ඉදිරිපස වැදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

දිනයේ අවසන් කඩුල්ල දවා ගැනීමේ හිමිකාරීත්වය නවක ක්‍රීඩක සොහාන් දිනූෂට හිමිවුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් කඩුලු බිඳ දැමීමේ දී අසිත ප්‍රනාන්දු හා සොහාන් දිනූෂ කඩුලු 03ක්, විශ්ව ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු දෙක බැගින් මෙන් ම ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?