බංග්ලාදේශය පළමු ඉනිමට සියල්ල ම ලකුණු 247කදී දැවී යයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී සංචාරක බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 247ක් රැස් කළා.

අද (26) පෙරවරු 10ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී තරගයේ දෙවැනි දිනය ආරම්භ වූ අතර තරගයේ පළමු භාගයේ දී ම අවසන් කඩුලු ද්විත්වය බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඊයේ (25) දිනයේ දී තරගය නතර කරන විට බංග්ලාදේශය ලකුණු 220ක් ලබා සිටියේ කඩුලු 08ක් ම බිඳ වැටී සිටියදීයි.

අද දවසේ පළමු කඩුල්ල ලෙස එබඩොට් හොසේන් දැඩී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් පා ආවරණය ඉදිරිපස වැදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

දිනයේ අවසන් කඩුල්ල දවා ගැනීමේ හිමිකාරීත්වය නවක ක්‍රීඩක සොහාන් දිනූෂට හිමිවුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් කඩුලු බිඳ දැමීමේ දී අසිත ප්‍රනාන්දු හා සොහාන් දිනූෂ කඩුලු 03ක්, විශ්ව ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු දෙක බැගින් මෙන් ම ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48