බංග්ලාදේශය ගැන ඇඟ හිරි වැටෙන වාර්තාවක් – UNHRC වෙතින් දැඩි චෝදනාවකුත්

බංග්ලාදේශය තුළ දූෂිත පාලනයට එරෙහිව නැගි සිවිල් අරගල මර්දනයෙන් පුද්ගලයින් 1400ක් පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්‍යාලය නිවේදනය කරනවා.

CNN මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2024 අගෝස්තු මාසයේ දී තෙසතියක් පුරා පැවති ශිෂ්‍ය නායකයින්ගේ විරෝධතා මර්දනය කිරීමට බංග්ලාදේශ රජය ගත් විධිවිධාන මානව වර්ගයාට එරෙහිව ගත් අපරාධවලට සමාන විය හැකි බවත් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වල එක් ස්වරූපයක් විය හැකි බවයි.

ජූලි මස 15 වැනිදා සිට අගෝස්තු මස 05 දක්වා කාලය බංග්ලාදේශයේ භීෂණමකාරී අවධියක් වූ අතර අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවට පලා යාම ද සිදු වුණා.

ජිනීවා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ විරෝධතාවලට පෙර සහ ඉන්පසු සති කිහිපය තුළ ආරක්ෂක අංශ තැබූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බහුතරයක් තුවාල ලැබූ බවයි.

CNN මාධ්‍ය වාර්තා කරන පරිදි 11,700කට අධික පිරිසක් තවමත් රඳවාගෙන සිටින බව ද මියගිය බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයින්ගෙන් 12% සිට 13% දක්වා නැතහොත් 180ක් පමණ ළමයින් බවට ද හෙළි ව තිබෙනවා.

සමහර අවස්ථාවලදී බංග්ලාදේශ ආරක්ෂක අංශ නිරායුද සිවිල් වැසියාට අමානුෂික අන්දමින් පහරදීම් සිදු කර ඇති බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක්, විරෝධතා මර්දනය කිරීමේ මාර්ගයක් ලෙස “නීති විරෝධී ඝාතන, පුළුල් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම්” දේශපාලන නායකත්වයේ සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ දැනුම හා සම්බන්ධීකරණය ඇතිව සිදු කළ බවටයි චෝදනා කර ඇත්තේ.

මේ පිළිබඳ ව සොයා බැලීමට බංග්ලාදේශයේ අන්තර්කාලීන නායක, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් බංග්ලාදේශයට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43