පෞද්ගලික පාසලක සිසුවා සිදුකළ මොරටුමුල්ලේ කාන්තා ඝාතනයේ තොරතුරු රැසක් එළියට

පසුගිය 29 වනදා මොරටුමුල්ල, පහළ ඉදිබැද්ද ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද කාන්තාවක් නිවස තුළ දී යකඩ ඉන්නකින් හිසට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු මොරටුමුල්ල පොලිසිය විසින් අද (03) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පාසල අධ්‍යාපනය ලබන මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත් 17 හැවිරිදි සිසුවෙක්.

පසුගිය 27 වනදා මෙම කාන්තාව විසින් රූපවාහිනී වැඩසටහනක් නැවත බැලීම සඳහා රූපවාහිනිය සකසා දෙන ලෙස සිසුවාට පවසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී කාන්තාවගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ කොළ කිහිපයක් තමන් දුටු බවත්, ඊට පසුදින (28) එම මුදල් ලබාගැනීමේ අරමුණෙන් කාන්තාවගේ නිවසට තමන් ගිය බවත් සැකකාර සිසුවා පොලිසිය පවසා තිබෙනවා.

එහිදී තමන් විසින් බීමට වතුර වීදුරුවක් ලබාදෙන ලෙස කාන්තාවට පවසා ඇති අතර, එම අවස්ථාවේ කාන්තාව වතුර රැගෙන ඒමට මුළුතැන් ගෙට ගිය අවස්ථාවේ දී කාන්තාවගේ මුදල් පසුම්බියෙන් පන්දහයේ මුදල් නෝට්ටු කිහිපයක් සිසුවා සොරාගෙන තිබෙනවා.

එම සොරකම කාන්තාව විසින් දැක ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිසුවාගේ මව්පියන්ට දැනුම්දෙන බව පවසා ඇති අතර, එහිදී සිසුවා එම ස්ථානයෙන් පැනයාමට උත්සාහ කිරීමේ දී කාන්තාව ඔහුව වළක්වා ඇති අතර, පසුව කාන්තාව තල්ලු කිරීමේ දී කාන්තාවගේ හිස අසළ තිබූ බිත්තියක වැදී ලේ ගැලීමක් සිදුව ඇති බවයි හෙළිව ඇත්තේ.

එම අවස්ථාවේ දී තමන් නිවසේ පිටුපසට ගොස් පොල් ලෙලි ගසන උලක් රැගෙන නැවත එම කාන්තාවගේ හිසට පහර දුන් බවයි සැකකාර සිසුවා පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.

අනතුරුව කාන්තාව සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය ද කොල්ල කා සැකකාර සිසුවා පළාගොස් ඇති අතර, සොරාගත් මුදල්වලින් කායවර්ධන ක්‍රීඩකයින් ලබාගන්නා පෝෂණ අතිරේක පිටි ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාවගෙන් කොල්ල කෑ ජංගම දුරකථනය ද සැකකරු විසින් අලෙවිකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
6
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?