පෞද්ගලික පාසලක සිසුවා සිදුකළ මොරටුමුල්ලේ කාන්තා ඝාතනයේ තොරතුරු රැසක් එළියට

පසුගිය 29 වනදා මොරටුමුල්ල, පහළ ඉදිබැද්ද ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද කාන්තාවක් නිවස තුළ දී යකඩ ඉන්නකින් හිසට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු මොරටුමුල්ල පොලිසිය විසින් අද (03) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පාසල අධ්‍යාපනය ලබන මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත් 17 හැවිරිදි සිසුවෙක්.

පසුගිය 27 වනදා මෙම කාන්තාව විසින් රූපවාහිනී වැඩසටහනක් නැවත බැලීම සඳහා රූපවාහිනිය සකසා දෙන ලෙස සිසුවාට පවසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී කාන්තාවගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ කොළ කිහිපයක් තමන් දුටු බවත්, ඊට පසුදින (28) එම මුදල් ලබාගැනීමේ අරමුණෙන් කාන්තාවගේ නිවසට තමන් ගිය බවත් සැකකාර සිසුවා පොලිසිය පවසා තිබෙනවා.

එහිදී තමන් විසින් බීමට වතුර වීදුරුවක් ලබාදෙන ලෙස කාන්තාවට පවසා ඇති අතර, එම අවස්ථාවේ කාන්තාව වතුර රැගෙන ඒමට මුළුතැන් ගෙට ගිය අවස්ථාවේ දී කාන්තාවගේ මුදල් පසුම්බියෙන් පන්දහයේ මුදල් නෝට්ටු කිහිපයක් සිසුවා සොරාගෙන තිබෙනවා.

එම සොරකම කාන්තාව විසින් දැක ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිසුවාගේ මව්පියන්ට දැනුම්දෙන බව පවසා ඇති අතර, එහිදී සිසුවා එම ස්ථානයෙන් පැනයාමට උත්සාහ කිරීමේ දී කාන්තාව ඔහුව වළක්වා ඇති අතර, පසුව කාන්තාව තල්ලු කිරීමේ දී කාන්තාවගේ හිස අසළ තිබූ බිත්තියක වැදී ලේ ගැලීමක් සිදුව ඇති බවයි හෙළිව ඇත්තේ.

එම අවස්ථාවේ දී තමන් නිවසේ පිටුපසට ගොස් පොල් ලෙලි ගසන උලක් රැගෙන නැවත එම කාන්තාවගේ හිසට පහර දුන් බවයි සැකකාර සිසුවා පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.

අනතුරුව කාන්තාව සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය ද කොල්ල කා සැකකාර සිසුවා පළාගොස් ඇති අතර, සොරාගත් මුදල්වලින් කායවර්ධන ක්‍රීඩකයින් ලබාගන්නා පෝෂණ අතිරේක පිටි ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාවගෙන් කොල්ල කෑ ජංගම දුරකථනය ද සැකකරු විසින් අලෙවිකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
6
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16