පෝලන්තයෙන් සහ ස්විට්සර්ලන්තයෙන් සංචාරකයන් පැමිණීම ඇරඹෙයි (ඡායාරූප සහ වීඩියෝ)

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සහ ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින් අද සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩිපුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක්.

මොවුන් අද උදෑසන 07.45ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ENT- 1561 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරට බව සඳහන්.

මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 වසරේ මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතයි.

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන, ආරුගම්බේ මුහුදු තීරවල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට වැසියන් 221 දෙනෙකු රැගෙන ප්‍රථම මංගල කුළී ගමන් ගුවන් යානය (Charter Flight) අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මොවුන් ස්විට්සර්ලන්තයේ සුරීච් (Zurich) සිට අද උදෑසන 08.50ට ඊඩල්වයිස් ගුවන් සේවයේ (Edelweiss Air) කුළී ගුවන් යානය මගිනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ.

මෙම ශීත ඍතු කුළී ගුවන් ගමන් සේවා අද (03) දින සිට එළඹෙන 2024 වසරේ මැයි මස 17 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙලෙස පැමිණි ස්විට්සර්ලන්ත ගුවන් මගීන් පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ගුවන් තොටුපොළ එක්ව සංවිධානය කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?