පෝලන්තයෙන් සහ ස්විට්සර්ලන්තයෙන් සංචාරකයන් පැමිණීම ඇරඹෙයි (ඡායාරූප සහ වීඩියෝ)

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සහ ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින් අද සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩිපුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක්.

මොවුන් අද උදෑසන 07.45ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ENT- 1561 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරට බව සඳහන්.

මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 වසරේ මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතයි.

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන, ආරුගම්බේ මුහුදු තීරවල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට වැසියන් 221 දෙනෙකු රැගෙන ප්‍රථම මංගල කුළී ගමන් ගුවන් යානය (Charter Flight) අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මොවුන් ස්විට්සර්ලන්තයේ සුරීච් (Zurich) සිට අද උදෑසන 08.50ට ඊඩල්වයිස් ගුවන් සේවයේ (Edelweiss Air) කුළී ගුවන් යානය මගිනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ.

මෙම ශීත ඍතු කුළී ගුවන් ගමන් සේවා අද (03) දින සිට එළඹෙන 2024 වසරේ මැයි මස 17 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙලෙස පැමිණි ස්විට්සර්ලන්ත ගුවන් මගීන් පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ගුවන් තොටුපොළ එක්ව සංවිධානය කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47