පෝය දවසේ රාත්‍රී සමාජ ශාලාවක නීති විරෝධී මත්පැන් අලෙවි කළ චීන ජාතිකයා මාට්ටු

බම්බලපිටිය ගාලු පාරේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව මත්ද්‍රව්‍ය අලෙවිකරණ බවට ලද තොරතුරක් මත බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එම සමාජ ශාලාවේ පෝය දවසේ පවා මෙලෙස මෙම මත්පැන් අලෙවිකර ඇති බවයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෙහිදී බලපත්‍ර රහිත මත්පැන්වලට අමතරව සහ නීති විරෝධී සිගරට් තොගයක් ද සමාජ ශාලාව තුළ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය චීන ජාතකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද (07) දිනයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?