පසුගියදා සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිරුරේ තැළීම් තුවාල සහිතව පොහොර උරයක් තුළ දමා තිබියදී අතුරුදන්වූ ආණමඩුව, දිවුල්වැව ප්‍රදේශයේදී දිවුල්වැව අසල කැලෑබද ප්‍රදේශයේදී සොයාගෙන රෝහල්ගත කළ අතර එම දරුවා ඊයේ (07) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සිද්ධියට සැකපිට ඒ අසළ සැඟව සිටි, 25 හැවිරිදි පුද්ගලයෙකුද ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා. ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් බවයි පොලිසිය පවසන්නේ.













