පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක්..?

මෙරටට රසායනික පොහොර ගෙන්වීමට පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි.

අගෝස්තු මස පළමු වැනිදා සිට පොහොර ආනයනය තහනම් ඉවත් කර ඇති බවත් බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායන පොහොර ගැනීමට හැකි බවත් එම නිවේදනය සඳහන්ව ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයක් අන්තර්ජාලයේ නොමැති බවද ඔහු කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?