පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 20ක් සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
ඊට අමතරව අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කරන බවයි සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ.
අනුරාධපුර සිට මිහින්තලය දක්වා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර තුළ මගීන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවයි ඔහු පැවසුවේ.
මෙම විශේෂ දුම්රිය ගමන්වාර අද (09) දිනයේ සිට 11 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





