පොලීසිය ඇතුලේ වැරදි අල්ලන්න අලුත් ක්‍රමයක්

පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා පිළිබඳ සොයා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වෙනමම විමර්ශන ඒකකයක් පොලීසිය තුළ පිහිටුවීමට රජය සූදානම් වනවා.

ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසූවේ යුද හමුදාවේ නිලධාරින්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවයි.

පොලීසිය තුළ ද එවැනිම ඒකකයක් පිහිටුවීම තමාගේ බලාපොරොත්තුව බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ පිළිබඳව මේවන විටත් තමා ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද අමුණුගම මහතා අනාවරණය කළා.

පොලිසියේ දූෂණ අක්‍රමිකතා සහ වෙනත් විශමාචාර වැළැක්වීම සඳහා මෙවැනි අංශයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් තමා මේ දිනවල කරුණු සොයා බැලීමක් කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08