පොලිසිය කළ දැනුම්දීමට හිටපු ජනපති මෛත්‍රීගෙන් යහපත් ප්‍රතිචාරයක් – පොලිස්පති (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් පිළිබඳ නිශ්චිතවම දන්නා බවට කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට දැනුම් දී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඊට හිටපු ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළා.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය මහනුවර දී සිදුකළ බව මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස තමාට නියෝග ලබාදුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අනුව පැය 48 ක් ඇතුළත හිටපු ජනපතිවරයා අදාළ
ප්‍රකාශය ලබාදෙනු ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළා.

පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් හිටපු ජනපතිවයාගේ ආරක්ෂාවට කිසියම් තර්ජනයක් එල්ල වන්නේ නම් ඒ පිළිබඳව ඉල්ලීමක් කළහොත් විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡාකර ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි.

හිටපු ජනපතිවරයා කර තිබෙන ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ දැක ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් පුද්ගලයින් කරනු ලබන ඉල්ලීම්වල කිසිදු පදනමක් නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකර අවාසානයේ අත්අඩංගුවට ගත යුතු තත්ත්වයක් ඇතිවුව හොත් ඒ අවස්ථාවේ එවැනි
තීරණයක් ගත හැකි බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවා.

මෛත්‍රිපාල සිරිසේන කරනු ලබන ප්‍රකාශය දෙස ධනාත්මක බැලිය යුතු බවත් එතුමා එම අපරාධයට සම්බන්ධ වූවන් පිළිබඳ සත්‍ය තොරතුරු දැන සිටින්නේ නම් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි බවත් පොලිස්පතිවරයා පවසා සිටියා.

දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බවත් හිටපු ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශය අධිකරණයට හා නීතිපතිවරයාටත් දැනුම් දී සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් සිදුකරන ප්‍රකාශය මාධ්‍යයට හෙළිකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශයෙන් පසුව තීරණය කළ හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
4
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?