පොලිසිය කළ දැනුම්දීමට හිටපු ජනපති මෛත්‍රීගෙන් යහපත් ප්‍රතිචාරයක් – පොලිස්පති (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් පිළිබඳ නිශ්චිතවම දන්නා බවට කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට දැනුම් දී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඊට හිටපු ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළා.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය මහනුවර දී සිදුකළ බව මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස තමාට නියෝග ලබාදුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අනුව පැය 48 ක් ඇතුළත හිටපු ජනපතිවරයා අදාළ
ප්‍රකාශය ලබාදෙනු ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළා.

පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් හිටපු ජනපතිවයාගේ ආරක්ෂාවට කිසියම් තර්ජනයක් එල්ල වන්නේ නම් ඒ පිළිබඳව ඉල්ලීමක් කළහොත් විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡාකර ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි.

හිටපු ජනපතිවරයා කර තිබෙන ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ දැක ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් පුද්ගලයින් කරනු ලබන ඉල්ලීම්වල කිසිදු පදනමක් නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකර අවාසානයේ අත්අඩංගුවට ගත යුතු තත්ත්වයක් ඇතිවුව හොත් ඒ අවස්ථාවේ එවැනි
තීරණයක් ගත හැකි බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවා.

මෛත්‍රිපාල සිරිසේන කරනු ලබන ප්‍රකාශය දෙස ධනාත්මක බැලිය යුතු බවත් එතුමා එම අපරාධයට සම්බන්ධ වූවන් පිළිබඳ සත්‍ය තොරතුරු දැන සිටින්නේ නම් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි බවත් පොලිස්පතිවරයා පවසා සිටියා.

දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බවත් හිටපු ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශය අධිකරණයට හා නීතිපතිවරයාටත් දැනුම් දී සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් සිදුකරන ප්‍රකාශය මාධ්‍යයට හෙළිකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශයෙන් පසුව තීරණය කළ හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39