ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඊයේ (10) රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවූ සිද්ධියක් මත වෙඩි තැබීම සිදුච තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ රැඳී සිටි සැකකරුවන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේදී එක් අයෙකු පළාගොස් ඇති බවයි.
අනෙක් පුද්ගලයා පොලිස් නිලධාරීන් වෙතට බෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් එම සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණා.
පළාගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ටී 56 උණ්ඩ 105ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.





