පොලිසියට බෝම්බ ගහන්න ගිය පුද්ගලයාට පොලිසියෙන් වෙඩි

ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (10) රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවූ සිද්ධියක් මත වෙඩි තැබීම සිදුච තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ රැඳී සිටි සැකකරුවන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේදී එක් අයෙකු පළාගොස් ඇති බවයි.

අනෙක් පුද්ගලයා පොලිස් නිලධාරීන් වෙතට බෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් එම සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණා.

පළාගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ටී 56 උණ්ඩ 105ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42