පොලිසියට බන්ධනාගාරයට නිළ ඇදුම් මහන ටේලර් මත්කුඩුත් සමඟ අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ පොලිස් නිළධාරීන්ට සහ බන්ධනාගාර නිළධාරීන්ට නිළ ඇදුම් මසන ටේලර්වරයෙකු හෙරෝයින් මත්කුඩු තොගයක් සමග ඊයේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ මැහුම්හලක් පවත්වාගෙන යන පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර , පනාපිටිපාර ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී ඇද සිටී ඇදුමේ සගවාගෙන පොලිතින් කවරයක බහා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 7.880 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් පැවසීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?