පොලිස් සැරයන්වරයෙකුගේ නිල ඇඳුම් ඇතුළු භාණ්ඩ රැසක් STF අත්අඩංගුවට

සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් සැරයන්වරයෙකුගේ මඩකලපුව නිවසේ නීතිවිරෝධී ලෙස තබා ගෙන සිටින පොලිස් නිල ඇඳුම්, පදක්කම් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

වව්නතීව් පොලිසියේ රාජකාරී කරමින් සිටි සැකකාර සැරයන්වරයා රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් සේවය අතහැරයාමේ නියෝග ලැබී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

සේවය අතහැරයාමේ නියෝග ලබා සිටි සැකකාර සැරයන්වරයා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුට ලබා දී තිබූ නිල ඇඳුම් ඇතුළු පොලිස් උපකරණ භාර නොදී එය සඟවාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භාණ්ඩ අතර ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් නීත්‍යනුකූල ව ලබා දී තිබූ නිල ඇඳුම්, ලාංඡන, නිල ඇඳුම් කොටස්, අංක තහඩු, වැහි කබා, උපකරණ රැසක්ම තිබී ඇති බවත් වාර්තා වනවා.

මෙම සැරයන්වරයා සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව, කල්ලඩි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මඩකලපුව පොලිසියේ නිලධාරීන් සමග එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම භාණ්ඩ සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08