පොලිස් වෙඩිල්ලෙන් මියගිය ගම්පහ කොල්ලකරුගේ බිරියත් පොලිස් අත්අඩංගුවට

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියකින් ඇන එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු ඊයේ (29) රාත්‍රියේ පොලිස් වෙඩි පහරට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බව පොලිසිය අද (30) පෙරවරුවේ නිවේදනය කළා.

සිද්ධියට සම්බන්ධ සැකකරු කොටුගොඩ, මදුරුවිට ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය එහි ගිය අවස්ථාවේ දී සැකකරු විසින් පොලිසියට පිහියකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

මියගිය සැකකරු 35 හැවිරිදි වියේ පසු වූ පහළගම, ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

මේ අතර සැකකරු විසින් ඝාතනය සිදුකර අවස්ථාවේ දී සැකකරු සමඟ පැමිණි ඔහුගේ 26 හැවිරිදි බිරිඳ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මංකොල්ලකෑම, මනුෂ්‍ය ඝාතනයකට අනුබලදීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් දෙදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී ඇති අතර, මියගිය සැකකරුට එරෙහිව තවත් අපරාධ කිහිපයක් යටතේ අධිකරණයේ නඩු විභාගවෙමින් පවතින බවයි වාර්තා වුණේ.

පසුගිය 20 වනදා සැකකරු විසින් ගම්පහ – පහළගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට යාමේ දී, එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ පුත්‍රයාට සහ සැමියාට සැකකරු තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

මෙම ප්‍රහාරයෙන් අදාළ කාන්තාවගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වූ අතර, සැමියා බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?