පොලිස් ලොකු පුටු කිහිපයක් හදිසියේම මාරු වෙයි

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයන් අනුව මෙම පත්කිරීම් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ උතුරු කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ කේ .ඒ උදය කුමාර කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිබි බී. ඒ. ආර්. පුෂ්ප කුමාර විශේෂිත ගුවන්තොටුපොල පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසත්, පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. එම්. එස්. බී. වික්‍රමසිංහ මොණරාගල කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, මහනුවර කොට්ඨාසයේ සේවය නිරතවව සිටි පොලිස් අධිකාරි සී. ඩී. ඉලංගකෝන් ගම්පොළ කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
7
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?