පොලිස් පැමිණිලි විභාගයකට පැමිණි ගුවන් හමුදා නිලධාරියෙක් ගැන පරීක්ෂණයක්

පසුගියදා කොළඹ පොලිස් හා ළමා හා කාන්තා කාර්යාංශයේ පැවති පැමිණිලි විභාගයකට ගුවන් හමුදා නිල ඇඳුමෙන් සහභාගීවූ බලඝණ නායකයෙකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය විසින් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක මලිඳු අබේසිංහ නැමැති පුද්ගලයෙකුට එරෙහිව ජනාධිපති කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා පවතින නීති රාමුව අනුව කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන දන්වා එවන ලෙසටයි ගුවන් හමුදපති හා පොලිස්පති වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී ඇත්තේ.

හමුදා නීතිය අනුව ශ්‍රී ලංකාවේ සිවිල් ජනයාගේ ප්‍රශ්න විසදීම සඳහා හමුදාවේ මැදිහත් වීමක් සිදු නොවන අතර මෙම ගුවන් හමුදා නිලධාරියා ඔහුට කිසිසේත් අදාළ නොවන පැමිණිල්ලකට කාගේ කුමන අවසරය මත කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණියේද යන්න අගතියට පත් පාර්ශවය විසින් ජනාධිපති කාර්යාලයට, ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දිමක් සිදු කර තිබෙනවා.

මේ අතර ගුවන් හමුදා නිලධාරියෙකු නිල ඇදුමෙන් සැරසී පොලිස් පැමිණිල්ලකට සහභාගී වී තමන්ට බලපෑම් කළ බව පවසමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් විභාග කිරීමට තමන් කැඳවන ලද අවස්ථාවේදී පැමිණිල්ලට අදාළ පුද්ගලයකු නොවන ගුවන් හමුදා නිලධාරියෙකු නිල ඇඳුමෙන් සැරසී කාන්තා හා ළමා කාර්යාංශයට ඇතුළුවනු දැක තමා භීතියට මෙන්ම තැති ගැන්මට ලක්වූ හෙයින් ඒ පිළිබඳව කාන්තා හා ළමා කාර්යාංශයට දැනුම් දුන් විට ඉහළින් අවසර සහිතව එම නිලධාරියා පැමිණි බවටයි ඔවුන් පවසා ඇත්තේ.

ඉහත පැමිණිල්ලට අදාළව ගුවන් හමුදා නිලධාරියෙකු සහභාගී වන බවට කාන්තා හා ළමා කාර්යාංශයෙන් තමන්ට දැනුම් දීමක් නොකළ බවත් පැමිණිල්ල විභාග වන අතරතුර යම් යම් කරුණු සම්බන්ධයෙන් ගුවන් හමුදා නිලධාරියා තමන්ට විශාල බලපෑමක් එල්ල කළ බවට ද සංජය මහවත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමන්ට මුහුණ පෑමට සිදු වූ අපහසුතාවය සහා යුධ හමුදා විනය සම්බන්ධයෙන් ද කාන්තා හා ළමා කාර්යාංශයට නිල ඇඳුමෙන් පැමිණ පැමිණිල්ල අවස්ථාවේ සිදු කරන ලද බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ලිපියක් යොමු කල බවයි සංජය මහවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?