පොලිස් පැමිණිලි විභාගයකට පැමිණි ගුවන් හමුදා නිලධාරියෙක් ගැන පරීක්ෂණයක්

පසුගියදා කොළඹ පොලිස් හා ළමා හා කාන්තා කාර්යාංශයේ පැවති පැමිණිලි විභාගයකට ගුවන් හමුදා නිල ඇඳුමෙන් සහභාගීවූ බලඝණ නායකයෙකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය විසින් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක මලිඳු අබේසිංහ නැමැති පුද්ගලයෙකුට එරෙහිව ජනාධිපති කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා පවතින නීති රාමුව අනුව කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන දන්වා එවන ලෙසටයි ගුවන් හමුදපති හා පොලිස්පති වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී ඇත්තේ.

හමුදා නීතිය අනුව ශ්‍රී ලංකාවේ සිවිල් ජනයාගේ ප්‍රශ්න විසදීම සඳහා හමුදාවේ මැදිහත් වීමක් සිදු නොවන අතර මෙම ගුවන් හමුදා නිලධාරියා ඔහුට කිසිසේත් අදාළ නොවන පැමිණිල්ලකට කාගේ කුමන අවසරය මත කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණියේද යන්න අගතියට පත් පාර්ශවය විසින් ජනාධිපති කාර්යාලයට, ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දිමක් සිදු කර තිබෙනවා.

මේ අතර ගුවන් හමුදා නිලධාරියෙකු නිල ඇදුමෙන් සැරසී පොලිස් පැමිණිල්ලකට සහභාගී වී තමන්ට බලපෑම් කළ බව පවසමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් විභාග කිරීමට තමන් කැඳවන ලද අවස්ථාවේදී පැමිණිල්ලට අදාළ පුද්ගලයකු නොවන ගුවන් හමුදා නිලධාරියෙකු නිල ඇඳුමෙන් සැරසී කාන්තා හා ළමා කාර්යාංශයට ඇතුළුවනු දැක තමා භීතියට මෙන්ම තැති ගැන්මට ලක්වූ හෙයින් ඒ පිළිබඳව කාන්තා හා ළමා කාර්යාංශයට දැනුම් දුන් විට ඉහළින් අවසර සහිතව එම නිලධාරියා පැමිණි බවටයි ඔවුන් පවසා ඇත්තේ.

ඉහත පැමිණිල්ලට අදාළව ගුවන් හමුදා නිලධාරියෙකු සහභාගී වන බවට කාන්තා හා ළමා කාර්යාංශයෙන් තමන්ට දැනුම් දීමක් නොකළ බවත් පැමිණිල්ල විභාග වන අතරතුර යම් යම් කරුණු සම්බන්ධයෙන් ගුවන් හමුදා නිලධාරියා තමන්ට විශාල බලපෑමක් එල්ල කළ බවට ද සංජය මහවත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමන්ට මුහුණ පෑමට සිදු වූ අපහසුතාවය සහා යුධ හමුදා විනය සම්බන්ධයෙන් ද කාන්තා හා ළමා කාර්යාංශයට නිල ඇඳුමෙන් පැමිණ පැමිණිල්ල අවස්ථාවේ සිදු කරන ලද බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ලිපියක් යොමු කල බවයි සංජය මහවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03