පොලිස් ජීප් රථයෙන් බිමට පැන්න පුද්ගලයා – CCTV දර්ශන

ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයෙන් බිමට පැන මරණයට පත්වූ පුද්ගලයා එම අනතුරට ලක්වන අයුරු අසල සවිකර තිබු  CCTV කැමරාවක සටහන්ව තිබේ.

අදාළ රථය පානදුර උතුර පොලීසියට අයත් ජීප් රථයක් වන අතර ඊයේ (06) උදෑසන සංචරණ සීමා කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව පොලීසියට රැගෙන එන අතරතුර එම සිද්ධිය ඇතිව තිබුණි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තපොළ ප්‍රදේශයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ අදාළ සැකකරු ජීප් රථයේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වූ ජීප් රථයෙන් බිමට පැනීම නිසා තුවාල සිදුවූ බවය.

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබාදීමද සිදුකර තිබුණි.

එසේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ සවස 6.30ට පමණ මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි අයෙකි.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?