AFC Banner
Empty Ad
Empty Ad

පොල්ගහවෙල ජනතාව අසරණ වෙයි

පොල්ගහවෙල අවට ප්‍රදේශයට ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා ගන්නා පානීය ජලය නිසියාකාරව නොලැබීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශ රැසකට දැනට දින තුනකට ආසන්න කාලයක සිට ජලය නොලැබීම හේතුවෙන් පොල්ගහවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන , නිවාස හා පාසල් වල දෛනික කටයුතු වලට බාධා සිදුවී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව විමසීමට පොල්ගහවෙල ජල සම්පාදන මණ්ඩලයේ දුරකථන අංකයට ඇමතුම් ලබා ගත්තත් එම දුරකථනය ප්‍රතිචාර නොදක්වන බවත් ප්‍රදේශයේ ජල නල නඩත්තු පිළිබඳ පෙර දැනුම් දීමක් නොකරන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඩිමේෂ් අධිකාරී – ගොසිප් ලංකා නිව්ස් – පොල්ගහවෙල වාර්තාකරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?