පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ වැටුප නිසැකවම ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඊයේ (15) පස්වරුවේ හැටන් බස් නැවතුම්පොළේ ක්ෂේත්‍ර චාරිකාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“අපිට තව අභියෝගය වෙලා තියනවා වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකරන්න. ඔවුන්ට ලැබිලා තියන වැටුප මදි, මේක කර්මාන්තයක්, අපි දැක්කා වතු සමාගම් විශාල ලාභයක් ලබලා තියනවා කියලා මේ කාලයේ දී, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයක් මුදල් අමාත්‍යංශයක් අඛණ්ඩ මැදිහත්වීමක ඉන්නවා වැටුප් වැඩිකරන්න වතු කම්කරුවන්ගේ, අපිට තවම ඒක බැරිවෙලා තියන එක ගැන අපි කණගාටු වෙනවා, නමුත් අපි ඒ සටන අත්හරින්නේ නැහැ.ඒ නිසා වතුකම්කරුවන්ට අපි අනිවාර්ය වශයෙන් ඒ වගකීම ඉටු කරනවා. අපි හිතනවා ඉදිරි මාස කිහිපයේ දී ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි කියලා.”





