පෝර්ට් සිටියට නව වීසා වර්ග තුනක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වාදීම සඳහා අමාත්‍යමණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව මෙම වීසා වර්ග හඳුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආයෝජන වීසා කාණ්ඩ, සේවා නියුක්ත වීසා සහ සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු වීසා යන වීසා කාණ්ඩ තුන මෙලෙස හඳුන්වාදීමටයි යෝජනා වී ඇත්තේ.

අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?