මාවනැල්ල නගරයට ආසන්නයේ අරණායක මාර්ගයේ පිහිටි වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් එම වෙළෙඳසැල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.
අද (17) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා නොවුණ ද, දේපොළ හානි ඉතා ඉහළ බවයි වාර්තා වන්නේ.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න පැතිර යාම වැළැක්වීමට පියවර ගත්තා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මවනැල්ල පොලිසිය සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
1















