logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පෙර පාසල් ගුරුවරුන්ගේ ඉහළ දැමූ දීමනාව මේ සතියේ සිට

රුපියල් 2500 කින් ඉහළ දැමූ පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීයි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?