පෙරහැරක ගිය පිරිසක් මතට තාප්පයක් කඩා වැටෙයි – හතක් මරුට

මාර්ගයක ගමන් ගත් පෙරහැරක ගමන් ගත් පිරිසක් මතට තාප්පයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මවු ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කුඩා ගෙවල්වලින් වට වූ පටු වීදියක් ඔස්සේ ගමන් ගත් පෙරහැරකට මෙලෙස තාප්පය කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?