පෙරලුණු තෙල් නැවේ 09ක් බේරා ගැනේ – ඒ අතර එක් ලාංකිකයෙකුත්

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී තෙල් රැගත් නෞකාවක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් මේ වනවිට (17) පුද්ගලයින් 09 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; MT Prestige Falcon නමැති මැරීන් ට්‍රැෆික් සමාගමට අයත් මෙම ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නෞකාව පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වූ බවයි.

එම අතුරුදන් වූවන් 16 දෙනාම අදාළ ඉන්ධන නෞකාවේ සේවය කළ කාර්‍යය මණ්ඩලය බවටත් තොරතුරු වාර්තා වුණා.

කෙසේවෙතත් ඕමාන් නාවික හමුදාව සහ සෙසු ආරක්ෂක අංශවල දැඩි මෙහෙයුමකින් අනතුරුව මෙම කාර්‍යය මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනෙකුගෙන් 09 දෙනෙකු බේරා ගැනීමට හැකි ව ඇතැයි සඳහන්.

මෙම බේරාගත් සාමාජිකයින් 09 දෙනා අතර ශ්‍රී ලාංකිකයෙක් සහ ඉන්දියානුවන් 08 දෙනෙකු ද සිටිනවා.

MT Falcon Prestige නම් නෞකාව කොමරෝස් ධජය යටතේ සිය ගමන් කටයුතු සිදු කරන අතර එය ඕමානයේ Duqn වරාය නගරයට ආසන්නයේ Ras Madrakah සිට නාවික සැතපුම් 25ක් ගිනිකොන දෙසින් පෙරළී අනතුරට ලක් වුණා.

කෙසේවෙතත් මෙම අතුරුදන් වූ 16 දෙනාගෙන් 09 දෙනෙකු බේරා ගැනුණ ද, තවත් 07 දෙනෙකු සොයා විමර්ශන කටයුතු ක්‍රියාත්මක අතර; එම පිරිස අතර ද තවත් ලාංකිකයින් දෙදෙනකු සිටින බවටත් වාර්තා වනවා.

මෙම ඉන්ධන නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින් පිළිබඳ ව විස්තරයක් ද අදාළ සමාගම විසින් මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?