පෙම්වතියව සතුටු කරවන්න කඩේට එද්දි,පෙම්වතිය බිරිඳවත් එක්කගෙන ඇවිත්

සිය අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා.

රජයේ රැකියාවක නිරත වන ඔහු දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර මේ වන විට මාස 09 ක දරුවෙකුද ඔවුන්ට සිටිනවා.මේ අතර තුර සිය රැකියා ස්ථානයට අලුතින් පැමිණි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත් ඔහු ඇයට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා සිදු කොට ඇත්තේ ,තමා විවාහක බව ඇයට සඟවමින්.

මේ අතර පසුගියදා ඇගේ උපන් දිනය යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඇයට තෑග්ගක් මිලට ගැනීමට ඔහු නගරයේ වෙළඳ සැලකට පැමිණ තිබෙනවා.

උපන් දිනය දවසේදී පෙම්වතියට තෑග්ගක් ලබා දී ඇයව සතුටු කිරීමට සිතා කාටත් හොරෙන් වෙළඳ සැලට පැමිණි ඔහු පුදුම වී ඇත්තේ සිය පෙම්වතියද එම වෙළඳසැලේදීම හමුවීම නිසයි.

තමා මිතුරියක් සමඟ එහි පැමිණි බව ඇය විසින් පවසා ඇති අතර ,එම මිතුරිය කොහෙද යනුවෙන් ඔහු විමසා තිබෙනවා.එහි තෑගි තෝරමින් සිටි තරුණියක පෙන්වූ පෙම්වතිය පවසා ඇත්තේ කලකට පසුව නගරයේදී හමුවූ ඇය තමාගේ පාසල් කාලයේ හොඳම මිතුරියක් බවයි.

තමා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතාව මිතුරියටද හඳුන්වා දීමේ අරමුණෙන් ඇයට එහිදී කතා කොට ඇති අතර ,තරුණයාගේ දෙලොව රත් වී ඇත්තේ එම මිතුරිය කවුරුන්ද යන්න දුටු විටයි.ඒ අන් කවරෙකුත් නොව තමාගේ විවාහක බිරිඳ බව දුටු ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව සියල්ලම හෙළිකොට තිබෙනවා.

තමා මෙතෙක් කල් ආශ්‍රය කලේ තම මිතුරියගේ ස්වාමි පුරුෂයා බව ඇය දැනගෙන ඇත්තේද එවිටයි.කලක් ගත වී හෝ ඔහුගේ මෙම බොරුව හෙළි වීම පිළිබඳව ඇය දෙවියන්ට ස්තූති කොට ඇති අතර විවාහක බිරිඳද හඬමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ තම ස්වාමි පුරුෂයාගේ වංචාව පිළිබඳව හෙළි වූ නිසාවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?