පෙම්වතියව සතුටු කරවන්න කඩේට එද්දි,පෙම්වතිය බිරිඳවත් එක්කගෙන ඇවිත්

සිය අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා.

රජයේ රැකියාවක නිරත වන ඔහු දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර මේ වන විට මාස 09 ක දරුවෙකුද ඔවුන්ට සිටිනවා.මේ අතර තුර සිය රැකියා ස්ථානයට අලුතින් පැමිණි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත් ඔහු ඇයට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා සිදු කොට ඇත්තේ ,තමා විවාහක බව ඇයට සඟවමින්.

මේ අතර පසුගියදා ඇගේ උපන් දිනය යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඇයට තෑග්ගක් මිලට ගැනීමට ඔහු නගරයේ වෙළඳ සැලකට පැමිණ තිබෙනවා.

උපන් දිනය දවසේදී පෙම්වතියට තෑග්ගක් ලබා දී ඇයව සතුටු කිරීමට සිතා කාටත් හොරෙන් වෙළඳ සැලට පැමිණි ඔහු පුදුම වී ඇත්තේ සිය පෙම්වතියද එම වෙළඳසැලේදීම හමුවීම නිසයි.

තමා මිතුරියක් සමඟ එහි පැමිණි බව ඇය විසින් පවසා ඇති අතර ,එම මිතුරිය කොහෙද යනුවෙන් ඔහු විමසා තිබෙනවා.එහි තෑගි තෝරමින් සිටි තරුණියක පෙන්වූ පෙම්වතිය පවසා ඇත්තේ කලකට පසුව නගරයේදී හමුවූ ඇය තමාගේ පාසල් කාලයේ හොඳම මිතුරියක් බවයි.

තමා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතාව මිතුරියටද හඳුන්වා දීමේ අරමුණෙන් ඇයට එහිදී කතා කොට ඇති අතර ,තරුණයාගේ දෙලොව රත් වී ඇත්තේ එම මිතුරිය කවුරුන්ද යන්න දුටු විටයි.ඒ අන් කවරෙකුත් නොව තමාගේ විවාහක බිරිඳ බව දුටු ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව සියල්ලම හෙළිකොට තිබෙනවා.

තමා මෙතෙක් කල් ආශ්‍රය කලේ තම මිතුරියගේ ස්වාමි පුරුෂයා බව ඇය දැනගෙන ඇත්තේද එවිටයි.කලක් ගත වී හෝ ඔහුගේ මෙම බොරුව හෙළි වීම පිළිබඳව ඇය දෙවියන්ට ස්තූති කොට ඇති අතර විවාහක බිරිඳද හඬමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ තම ස්වාමි පුරුෂයාගේ වංචාව පිළිබඳව හෙළි වූ නිසාවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25