පෙම්වතියම එවපු පෙම්වතියගේ නිරුවත් පිංතූර සමාජ මාධ්‍යයට දානවා කියලා – පෙමව්තා අත්අඩංගුවේ

තරුණියක් රවටා ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබාගැනීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේවැල්ලත්ත පොලිසිය විසින් සැකකාර 21 හැවිරිදි තරුණයා ඊයේ (31) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

දැනට මාස 11 කට පමණ පෙර රත්නපුර නගරයේ දී අහම්බෙන් මුණගැසුණු වේවැල්ලත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙනවා.

එහිදී ප්‍රේමවන්තයාගේ ඉල්ලීමට අනුව තරුණිය තමාගේ නිරුවත් ඡායාරූප ඔහු වෙත යවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර තුර නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පෙම්වතා අවස්ථා කිහිපයක දී රත්නපුර නගරයේ දී සිය 22 හැවිරිදි පෙම්වතිය හමුවී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එම අවස්ථාවල දී පෙම්වතා යෝජනා කර ඇත්තේ විවාහ වී දෙදෙනාට පදිංචිවීමට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් ඉදිකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂයට මුදලක් අවශ්‍ය බවයි.

එහිදී තරුණිය විසින් රුපියල් ලක්ෂක මුදලක් පෙම්වතාට ලබා දී ඇති අතර, ඊට අමතරව ඇය ගෙළ බැඳි පවුම් එකහමාරක රත්තරන් මාලය ද පෙම්වතාට ලබා දී තිබෙනවා.

ඉන් දින කිපයකට පසු සැකකරු විසින් තරුණියගෙන් යළිත් මුදල් ඉල්ලා ඇති අතර, එහිදී තරුණිය පවසා ඇත්තේ එලෙස ලබාදීමට තමන් සතුව මුදල් නොමැති බවයි.

එහිදී කෝපයට පත් සැකකාර පෙම්වතා තරුණියගේ නිරුවත් ඡායාරූප සමාජ මධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිද්ධිය සම්බන්යෙන් තරුණියගේ මව වේවැල්වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, අනතුරුව පොලිසියේ උපදෙස් මත සැකකරුව රවටා රත්නපුර නගරයට ගෙන්වාගෙන තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් විසින් සැකකාර පෙම්වතාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයේ තිබී තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද දිනයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05