වැලිකඩ පොලිස් වසමේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට සහ තවත් පිරිමි පුද්ගලයෙකු නාරාහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
එහිදී පුද්ගලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඊයේ (18) රාත්‍රී කාලයේ මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 48ක ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකළ සැකකරු තුවාල ලබා සිටින කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෙම කාන්තාවට සහ තවත් අයෙකුට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





