පෙට‍්‍රල් නිකුත් කිරීම ගැන තීන්දුවක් ගනී

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීම පිලිබද තොරතුරු ලැබීම මත මෙම පියවර ගෙන තිබේ.