කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ තමා අතර සබඳතාවක් හැඟවෙන ආකාරයෙන්, රජයට සම්බන්ධ පුවත් පත් ආයතනයක සමාජ මාධ්ය ගිණුමක ඇතුළු මාධ්ය කිහිපයක පුවතක් පළ කර ඇති ආකාරය නිරීක්ෂණය වූ බව ගම්පහ දිස්ත්රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කරනවා.
මන්ත්රීවරයා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා තමා වීම නිසා තමන්ට සහෝදරයින් කිසිවෙකු නොමැති බවයි.
එමෙන්ම පෙළපත් නාමය සහිත ඕනෑම අයෙකු සිදු කරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාළද යන්න මෙවැනි ප්රවෘත්ති පළ කරන මාධ්ය ආයතනවලින් විමසා සිටින බවත් මන්ත්රීවරයා පවසනවා.
වසර 11 පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කරන තමන් කිසිදු දිනෙක මන්ත්රීවරුන්ට ලබාදෙන ගිනි අවිය හෝ ලබාගෙන නොමැති බවයි ඔහු පවසන්නේ.
එවැනි තත්ත්වයක් හමුවේ දේශපාලන වශයෙන් මාගේ චරිතයට අවමන් කිරීම අරමුණු කර ගනිමින්, තමන්ට අදාළත්වයක් නොමැති එම සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්ය ආයතන තාමාගේ නමද ඊට ඈඳා ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි ඔහු අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.
ඒ අනුව තමාගේ නමට කැළලක් සිදු කිරීමේ අරමුණින් අදාළ ප්රවෘත්තිය වාර්තා කළ මාධ්ය ආයතන පිළිබඳ ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඔහු දක්වා ඇත්තේ.

