AFC Banner
AFC Banner
Empty Ad

පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණයට

උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පස්වරුවේ පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහිදී එක් වුණා.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වී තිබෙනවා.

මේ අතර පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළා.

යාන්ත්‍රික ඉංජිනේරුවරියක වන තරුණියක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්ත ආයතනය තුළ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබෙනවා.

නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙහි සියලු කටයුතු සිදු වන අතර කජු ලෙලී ගැසීමේ සිට එහි අවසන් නිමැවුම දක්වා භාවිතයට ගැනෙන සියලු යන්ත්‍ර සූත්‍ර අදාළ තරුණිය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

මෙම කර්මාන්ත ආයතනය මඟින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා මෙය රටේ අනෙකුත් තරුණ තරුණියන්ට ද මහඟු ආදර්ශයක් බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?