පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණයට

උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පස්වරුවේ පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහිදී එක් වුණා.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වී තිබෙනවා.

මේ අතර පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළා.

යාන්ත්‍රික ඉංජිනේරුවරියක වන තරුණියක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්ත ආයතනය තුළ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබෙනවා.

නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙහි සියලු කටයුතු සිදු වන අතර කජු ලෙලී ගැසීමේ සිට එහි අවසන් නිමැවුම දක්වා භාවිතයට ගැනෙන සියලු යන්ත්‍ර සූත්‍ර අදාළ තරුණිය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

මෙම කර්මාන්ත ආයතනය මඟින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා මෙය රටේ අනෙකුත් තරුණ තරුණියන්ට ද මහඟු ආදර්ශයක් බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05