පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණට ඇමති හර්ෂණ එක්වෙයි

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කළ ද පසුගිය වසර තුන හතරක කාලය තුළ අධිකරණ ඉදිකිරීම් කටයුතු සිදුව නොමැති බවයි
අමාත්‍යවරයා පවසන්නේ.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (30) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඔක්තෝම්බර් මාසය වන විට අවසන් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් මෙහිදී උපදෙස් දී තිබෙනවා.

මේ වන විට පූගොඩ අධිකරණයේ කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ලබාගත් තාවකාලික ගොඩනැගිල්ලක් තුළයි.

පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 882ක් මුදලක් වෙන් කර ඇති අතර, මහල් තුනකින් සමන්විත පූගොඩ අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල සහ සෙසු පහසුකම්වලින් සමන්විත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?