AFC Banner
Empty Ad
Empty Ad

පුරාවස්තු කැණීම් කර ලබාගත් මිල කළ නොහැකි දුර්ලභ පිළිම හා මැණික් සමග දෙදෙනකු අත්අඩංගුවට

පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පස්සර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්. ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (30) පරමංකඩ ප්‍රදේශයේ දී යි.

එහි දී පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11 ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26, 63 වයසේ පසුවන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු පස්සර පොලිසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?