පුරාවස්තු කැණීම් කර ලබාගත් මිල කළ නොහැකි දුර්ලභ පිළිම හා මැණික් සමග දෙදෙනකු අත්අඩංගුවට

පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පස්සර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්. ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (30) පරමංකඩ ප්‍රදේශයේ දී යි.

එහි දී පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11 ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26, 63 වයසේ පසුවන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු පස්සර පොලිසිය මගින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39