පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක (ඡායාරූප)

පවතින වර්ෂාවත් සමග පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවදානමකට පත්ව තිබීම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව දක්වා ජලය රැගෙන යනු ලබන දඹුළු ඔය හරහා ඉදිකර ඇති මෙම කිරළව පාලම අසළ ඊයේ දිනයේ සිදුව තිබූ බරපතළ ඉවුරු ඛාදනයක් හේතුවෙන් ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබුණා.

මේ වනවිටද පවතින වර්ෂාවත් සමග උපරිම මට්ටමේ පවතින දඹුළු ඔය ජලාශයේ හදිසි වාන් දොරටුවලින් දඹුළු ඔය වෙත ජලය නිකුත් කෙරෙන අතර පවතින වර්ෂාවත් සමග එම හදිසි වාන් දොරටු වසා දැමීමේ හැකියාවක් ද නොමැති බවයි ජලාශ භාර නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව පාලමේ පවතින අවධානම් තත්ත්වය සලකා ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස අද එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනා ගමන කටයුතු තාවකාලිකව අත්හිටවා තිබෙනවා.

මාර්ගය වසා දැමීම හේතුවෙන් මේ වනවිට පුබ්බෝගම සිට මඩාටුගම දක්වා වූ කිලෝමීටර් 4ක පමණ දුරක් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට ආඬියාගල දෙස සිට සිට මඩාටුගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පුබ්බෝගම දක්වා සීමා කිරීමට පොලිස් රථවාහන අංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ආඬියාගල සිට මඩාටුගම මාර්ගය ඔස්සේ මඩාටුගම, කැකිරාව හා දඹුල්ල වෙත ගමන් කළ රථවාහන මේ වන විට පුබ්බෝගම මංසන්ධියෙන් ජලාශ පාර ඔස්සේ දඹුල්ල දෙසට ධාවනය කරවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

එබැවින් තම ගමනාගමන කටයුතු වලදී එම මාර්ගය භාවිතා කරන්නේ නම් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ගිරානේගම පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?