පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක (ඡායාරූප)

පවතින වර්ෂාවත් සමග පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවදානමකට පත්ව තිබීම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව දක්වා ජලය රැගෙන යනු ලබන දඹුළු ඔය හරහා ඉදිකර ඇති මෙම කිරළව පාලම අසළ ඊයේ දිනයේ සිදුව තිබූ බරපතළ ඉවුරු ඛාදනයක් හේතුවෙන් ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබුණා.

මේ වනවිටද පවතින වර්ෂාවත් සමග උපරිම මට්ටමේ පවතින දඹුළු ඔය ජලාශයේ හදිසි වාන් දොරටුවලින් දඹුළු ඔය වෙත ජලය නිකුත් කෙරෙන අතර පවතින වර්ෂාවත් සමග එම හදිසි වාන් දොරටු වසා දැමීමේ හැකියාවක් ද නොමැති බවයි ජලාශ භාර නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව පාලමේ පවතින අවධානම් තත්ත්වය සලකා ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස අද එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනා ගමන කටයුතු තාවකාලිකව අත්හිටවා තිබෙනවා.

මාර්ගය වසා දැමීම හේතුවෙන් මේ වනවිට පුබ්බෝගම සිට මඩාටුගම දක්වා වූ කිලෝමීටර් 4ක පමණ දුරක් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට ආඬියාගල දෙස සිට සිට මඩාටුගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පුබ්බෝගම දක්වා සීමා කිරීමට පොලිස් රථවාහන අංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ආඬියාගල සිට මඩාටුගම මාර්ගය ඔස්සේ මඩාටුගම, කැකිරාව හා දඹුල්ල වෙත ගමන් කළ රථවාහන මේ වන විට පුබ්බෝගම මංසන්ධියෙන් ජලාශ පාර ඔස්සේ දඹුල්ල දෙසට ධාවනය කරවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

එබැවින් තම ගමනාගමන කටයුතු වලදී එම මාර්ගය භාවිතා කරන්නේ නම් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ගිරානේගම පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16