පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විලත්තව ප්‍රදේශයේ දී සැක කටයුතු ලොරියක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැඟින් අසුරන ලද පෙට්ටි 09ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ක් හා 44ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (24) දිනයේ හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?