පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විලත්තව ප්‍රදේශයේ දී සැක කටයුතු ලොරියක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැඟින් අසුරන ලද පෙට්ටි 09ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ක් හා 44ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (24) දිනයේ හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. AYETH PATAN GANNA FULL TRY. MEKA UN 1970 AGA 80 MULA GANAN WALA KALA DETAMA SAMANAYI. EDHA POLICIYA ME WAGEMA UDASEENA LESA NIDAGENA HITIYA. PODI KOLLANE OTTU SELLAM WEDA KIYALA SINHALA DESHA PALUWO GANAN GATHTHE NAHE. DEMALA MUSLIM DESHAPALUWO HURATHAL KATHA KIYALA SHAPE KALA, COVER KALA. YUDHDHA KARANAWA KIYALA ONA DEWAL NODHEE KOLLO MARENNA ARIYA. DAN ME KUNU HAMPADA NAKI HATHTHA DANNAWA YE CHANDEN ENNA BAHE KIYALA. AYE MEKA AWUL KARALA WISANDAPU PRASHNA AYE MATHU KARALA PELA KARALA YANNAYI ME HADANNE. UNTA NATHINAM KATAWATHMA NAHE KIYANA THEORY EKE UN INNE.