සවස්වරුවේදී ගිගුරුම් සහිත වැසි සමගින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

අද සවස්වරුවේ දී හෝ රාත්‍රී කාලයේදී පහත සඳහන් ප්‍රදේශවල තැනින් තැන ගිගුරැම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අනතුරු අඟවා තිබෙනවා.

අනුරාධපුර – ප්‍රා.ලේ.කොට්ඨාස- අනුරාධපුර නව නගරය, ඉපලෝගම, කහටගස්දිගිලිය, කැකිරාව, ගල්නෑව, ගොලන්බිඳුනුවැව, තලාව, තිරප්පනේ, නුවරගම්පලාත නැගෙනහිර, නුවරගම්පොත මධ්‍යම, නොච්චියාගම, පලාගල, පලුගස්වැව, මහවිලච්චිය, මැදවච්චිය, මිහින්තෙල්, රම්බෑව, රාජාංගනය,
කිලිනොච්චි -ප්‍රා.ලේ.කොට්ඨාස – පුනකරි ප්‍රා.ලේ.කොට්ඨාසය
අම්පාර – ප්‍රා.ලේ.කොට්ඨාස – දෙහිඅත්තකණ්ඩිය 1, දෙහිඅත්තකණ්ඩිය 2, පදියතලාව
පොලන්නරුව-ප්‍රා.ලේ.කොට්ඨාස – ඇලහැර, තමන්කඩුව, දිඹුලාගල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ
මුලතිව්- ප්‍රා.ලේ.කොට්ඨාස – ඔඩ්ඩුසුඩාන්, තුනුක්කායි, පන්ඩියන්කුලම්, මුලතිව් ප්‍රා.ලේ.කොට්ඨාසවලත්,

කළුතර කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ , ගාල්ල , නුවරඑලිය , පුත්තලම , බදුල්ල, මන්නාරම, මහනුවර, මාතර ,මාතලේ , මොනරාගල, රත්නපුර, වව්නියා, හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ට්ඨාසයන් හි අද පස්වරුවේ ගිගුරැම් සහිත වැසි සහ අකුණු ගැසීමේ සම්භාවිතාව පවතින බවට එම නිවේදනයේ සඳහන් වෙනවා.

ඒ හා සම්බන්ධ ප්‍රබල සුළං සහ තද වැසි ඇතිවීමේ හැකියාව හා ගිගුරැම් සහිත වැසි සහ අකුණු ගැසීමේ තත්වය හේතුවෙන් එළිමහන් වැඩ, ක්‍රීඩා, කෘෂිකාර්මික කටයුතු සහ මහජන උත්සවවලට සැලකිය යුතු බාධා ඇතිවිය හැකි බවටත්, එළිමහනේ සිටින පුද්ගලයින්ට බරපතළ තුවාල හෝ මරණ අවදානමක් සිදුවිය හැකි බවටත්, විදුලි සහ ඉලෙක්ට්‍රෝනික උපකරණවලට හානි සිදුවිය හැකි බවටත්, විදුලි සහ සන්නිවේදන සේවාවන්ට බාධා සිදුවිය හැකි බවටත්, ප්‍රාදේශිය යටිතල පහසුකම් හානි සහ ප්‍රවාහන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවටත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරනවා.

එම වාතාවරණයෙන් ආරක්ෂාවීමට නම්, ගිගුරුම් සහිත වැසි ළඟා වන විට එළිමහන් ක්‍රීඩා, ඉදිකිරීම්, කෘෂිකාර්මික සහ විනෝදාත්මක කටයුතු අත්හිටුවන්න හෝ කල් දමන ලෙසත්,

වහාම ශක්තිමත් ගොඩනැගිල්ලක් හෝ සම්පූර්ණෙයන් වසා ඇති, ශක්තිමත් වහලයක් සහිත වාහනයක් තුළට යන ලෙසටත්, වෙරළ, පිහිනුම් ප්‍රදේශ, වැව්, ගංගා සහ අෙනකුත් ජල ප්‍රභව වලින් වළකින ලෙසත්, හුදකලා ගස්, කූඩාරම්, විවෘත වහල හෝ අර්ධ වශෙයන් වසා ඇති වහල යට රකවරණය නොගන්නා ලෙසටත්, ගිගුරුම් සහිත වැසි අතරතුර විදුලි උපකරණ, ජල නල සහ විදුලි රැහැන් පද්ධතිවලින් ඉවත්ව සිටින ලෙසත්, එළිමහන් උත්සව අවලංගු කර හෝ ආරක්ෂිත ගෘහස්ථ ස්ථානවලට මාරු කරන ලෙසටත්, ළමුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ගෘහස්ථව තබාගන්නා ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කරනවා.