අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල උපවාසයක් ආරම්භ කිරීමට, භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් උත්සහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පොලිසිය පැමිණ එම උපවාසය ආරම්භ කිරීම වැළක්වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගත් බවයි වාර්තා වුණේ.
සිද්ධිය අතරතුර පොලිසිය විසින් ගිහි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළා.










