පුද්ගලික සමාගමක් නිපද වූ එන්නත් වර්ග 08ක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08 ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් වැඩිදුර විභාගය සඳහා ලබන මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන ප්‍රණීතා. එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන් .පී. බුද්දරගේ යන අය විසින්
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද (20) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කියා සිටියේ ප්‍රශ්නගත අදාළ එන්නත් තවදුරටත් නිෂ්පාදනය වෙමින් පවතින බවත් එම නිසා මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

එහෙත් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාළ ඖෂධය පිළිබඳ ව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන මස 23 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

පෙත්සම්රුවන් කියා සිටින්නේ ඖෂධයක් වෙළඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට පෙර එය මාස හයක පරීක්ෂණ කාලයකට යටත් කෙරෙන බවයි.

එහෙත් වග උත්තරකාර යාඩින් ලැබොටරි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ මොලය ආශ්‍රිත රෝග මෙන්ම නිර්වින්දන කටයුතු සඳහා යොදා ගන්නා එන්නත් වර්ග අටක් එම පරීක්ණ කාලයට යටත් නොකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කිරීම තුළින් මහජන සෞඛ්‍යයට හානිකර විය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ එන්නත් වර්ග වෙළඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16