Empty Ad
AFC Banner
Empty Ad

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑ නින්දිත කොස්තාපල්වරු

පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කෙසෙල්වත්ත පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ දී මේ බව දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන් හතර දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නා.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළා.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?