පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට හොරෙන් ඇතුළු වී ලක්ෂ 40ක් ඇද්ද අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියෝග කළා.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිසාර් මොහොමඩ් ෂපාම් නැමැති පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නුගේගොඩ තිලකරත්න මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ඉහත සඳහන් පැමිණිල්ලිකාර පුද්ගලයා ඉඩමක් විකිණීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබූ බවත් සැකකාර පුද්ගලයා එය ලබාගන්නා මුවාවෙන් පැමිණිල්ලිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගෙන ඇති බවයි.

පැමිණිලිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගත් සැකකාර පුද්ගලයා පරිගණක දත්ත පද්ධතියක් ඔස්සේ පැමිණිකරුගේ බැංකු ගිණුමට ඇතුල්වී එහි තිබූ රුපියල් ලක්ෂ හතළිහක් වංචා සහගතව ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර පුද්ගලයා ඔහුට හිතවත් තවත් පිරිසක් සමඟ එක්ව මෙම වංචා සහගත සිද්ධිය සිදුකර ඇති බවත්, වංචා සහගතව ලබාගත් මුදල් සැකකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් පහකට බැර කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක් වූ කරුණුවලින් හෙළි වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව එසේ මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?